දැනුමට යමක්

Full width home advertisement

Post Page Advertisement [Top]

 





ඉස්සරම මිනිස්සු හිතන් උන්නෙ අපි තමා සව්රග්රහ මන්ඩලේ මැද්දෙ ඉන්නෙ අපි වටේට ඉරයි හදයි අනිත් ග්රහලෝකයි කැරකෙනවා කියලා.හැබැයි පහුකාලෙක නිකලස් කොපර්නික්ස් කියලා ඩයල් එකක් ඇවිල්ලා කියනවා අපි නෙමේ මැද්දෙ ඉන්නෙ ඉරය අපි ඉර වටේ වුර්තාකාර මාර්ගෙක ගමන් කරනවය කියල.මෙයාගෙ මේ ඉර මූලික කරගෙන ඉර වටා අනෙක් ග්රහලෝක බ්රමණය වෙනවා කිව්ව කතාව හරි උනත් කක්ෂය නිවැරදිව නිර්වචනය කළේ කෙප්ලර්.පසුකාලීනව එන ජොහැන්නස් කෙප්ලර් කියන තාරකා විද්යාඥය නිරීක්ෂණයකරනවා මේවා ගමන් කරන්නෙ වුර්තාකාර ගමන් මාර්ගෙක නෙමේ මේවා ගමන් කරන්නෙ ඉලිප්සාකාර ගමන් මාර්ගෙක කියලා .
 
 
කෙප්ලර් කියන්නෙ බ්රාහෙ කියන තාරකා විද්යාඥයගෙ ශිෂ්යයෙක්.බ්රාහෙ ජීවිතකාලෙම එකතු එකතු කරපු තාරකා විද්යා සටහන් එයාගෙ මරනෙන් පස්සෙ කෙප්ලර්ට හම්බුනා.කෙප්ලර් ඒවත් යොදාගෙන ග්රහලෝකවල චලිතය ගැන නියම 3ක් ඉදිරිපත් කරා.
1.The law of orbit-සුර්යා එක් නාභියක පිහිටන පරිදි අනෙකුත් ග්රහලෝක සූර්යා වටා ඉලිප්සාකාර පථයක භ්රමණයවේ.(ඉලිප්සයක කේන්ද්රය දෙපැත්තෙ නාභි 2ක් තියෙනවා.මේ නාභි දෙකෙන් එකක සූර්යායා පිහිටන විදියට සූර්යා වටේ ග්රහලෝක බ්රමනය වෙනවා.තුන්වෙනි රූපෙ බලන්න.)
2.The law of areas-සූර්යා හා ග්රහලොව අතර අදිනලද මන්ඃකල්පිත රේඛාවක් සැලකු විට එය හැමවිටම සමාන කාල අන්තර තුලදී සමාන වර්ගඵල ගෙවා යයි.
3.The law of periods-ග්රහලෝකයක ආවර්ත කාලයේ වර්ගය එහි අර්ධ- මහා අක්ෂයේ තුන්වන බලයට අනුලෝමව සමානුපාතික වේ.ඕකෙදි ඔය මහා අක්ශය කියන්නෙ ග්රහලෝක ගමන් කරන ඉලිප්සාකාර පතය තියෙනවනෙ ආන් ඒකෙ නාභිය හරහා ගහන්න පුලුවන් දිගම අක්ශයට.අන්න ඒ අක්ශෙන් භාගෙකට තමා අර්ධ මහා අක්ශය කියන්නෙ.aaආවර්ත කාලය කියන්නෙ ග්රහලෝකයක් සූර්යයා වටා සම්පූර්න ගමන් වටේකට ගතවන කාලය.
හැබැයි ඉලිප්සෙක චලිත වෙනවා කිව්වත් මේ චලිතය ගනිතානුකූලව හරියටම විස්තර කරන්න කෙප්ලර්ට පුලුවන් උනේ නෑ.එහෙම උනත් කෙප්ලර් කියන්නෙ තාරකා විද්යාවෙ ගොඩක් වැදගත් චරිතයක්.
ඉතින් මේ චලිතය විස්තර කරන්න ඊලගට එන්නෙ අයිසෙක් නිව්ටන්.මෙයා ඉදිර්පත් කරනවා ගුරුත්වාකර්ශනය පිලිබද සාර්වත්ර නියමය.මේකෙන් චලිතය විස්තර කරන්න නිව්ටන්ට පුලුවන් වෙනවා.අපි පොඩ්ඩක් චලිතය තේරුම් ගන්න බලමු.ස්කන්දය m සහ M වෙන අංශු දෙකක් r දුරකින් තියෙනවා කියලා හිතමුකෝ.නිව්ටන් කියන විදියට මේ දෙක අතර බලයක් ඇතිවෙනවා.මේ බලය f=gMm/r2 කියලා ලිව්වැකි.f කියන්නෙ බලය.ඉතින් මේ විදියට සූර්යත් අනිත් ග්රහලෝකත් අතරෙ බල wඇති වෙනවා.ඉතින් මේ බලය නිසා තමයි ග්රහලෝක සූර්යයා වටා ඉලිප්සාකාර පතයක ගමන් කරන්නෙ.ඒ විදියට ග්රහලෝක ජොහැන්නස් කෙප්ලර් කියපු විදියට ඉලිප්සාකාර පතයක ගමන් කරනවා කියලා නිව්ටන් ඔප්පු කරලා පෙන්නුව.ඉතින් රූප දිහා බැලුවොත් පේනවා ඇති මේ ග්රහලොක සූර්යයා වටේ ගමන් කරද්දි හැමවෙලේම සූර්යාට තියෙන දුර එකම නෙමේ කියලා.එක කොනකදී බොහෝම ඈතිනුත් තවත් කොනකදි බොහෝම ලගිනුත් ගමන් කරනවා.ඉතින් මේ ග්රහලෝකෙ සූර්යාට ඈතින් ගමන් කරද්දි ඒකේ වේගය අඩුයි වගේම ලගින් ගමන් කරද්දි ඒකෙ වේගය වැඩියි.මේකම තමා කෙප්ලර්ගෙ දෙවෙනි නියමෙත් අදහස.
ඉතින් නිව්ටන්ගෙ ඔප්පු කිරීම් වලට අනුව සූර්යා වටා ග්රහලෝක ඉලිප්සාකාර කක්ශයක ගමන් කරනවා ඒ වගේම මේකෙ තලය වෙනස් වෙන්නෙත් නෑ.ඒ කියන්නෙ හැම වෙලේම යන්නෙ එකම ඉලිප්සාකාර මාර්ගයේ.ඒත් මේක හැම ග්රහලෝකෙටම හරිගියත් බුදගෙ කක්ශය පැහැදිලි කරන්නනම් මේක ගැලපුනේ නෑ. රුදු 100කට වරක් බුධගේ චලිතයේ විකලා 574ක පමණ ඇලයක් තියෙනවා කියලා විද්යාඥයන්නිරීක්ශනය කලා.මුලින් විද්යාඥයො හිතුවෙ මේකට බලපාන්නෙ අනිත් ග්රහලෝකවලින් බුද මත ඇති කරන ගුරුත්වාකර්ශනය කියලා.ඒත් ගනනය කිරීම්වලින් 531ක් අනිත් ග්රහලෝකවල ගුරුත්වාකර්ශනේ නිසා කියලා හොයාගත්තත් ඉතුරු කලා හතලිස් තුනේ වෙනස මොකක් නිසා ඇති උනාද කියලා හොයාගන්න බැරි උනා.ඊට පස්සෙ විද්යාඥයන්මේකට බලපාන අපි නොදන්න තවත් ග්රහයෙක් ඇති කියලා උපකල්පනය කරා.
ඔන්න කාලෙකට පස්සෙ අයින්ස්ටයින් එයාගෙ සාමාන්ය සාපේක්ශතාවදෙ ඉදිරිපත් කරනවා.මේකෙදි කියන විදියට ග්රහලෝක ඉලිප්සෙක ගමන් කරත් මේකෙ තලේ වෙනස් වෙන්න පුලුවන්. මේක පැහැදිලි කරගන්න මන් මෙහෙම යන්.අයින්ස්ටයින්ගෙ විශේශ සාපේක්ශතාවාදෙ අනුව වේගයත් එක්ක ස්කන්දය වෙනස් වෙනවා.ඒ කියන්නෙ වේගය වැඩි වෙද්දි ස්කන්දයත් වැඩි වෙනවා.මේකෙදි තේරුම් ගන්න ඕනදේ තමා මේ අදහස ස්කන්දය අර්ත දක්වන විදියට වෙනස් වෙන්න පුලුවන්.අයින්ස්ටයින් ස්කන්දය කියන්නෙ ශක්තියේම මිනුමකට.ඒත් මේ ස්කන්දය වැඩි වෙන එක සුලු වේගවලදි බොහෝම පුන්චි අගයක්.මේක දැනෙන ප්රමානෙකින් වෙනස් වෙන්න නම් ආලෝකේ වේගෙට ආසන්න වෙන්න ඕනෙ.මේ ගැන හොදට කියන්නනම් සෑහෙන ලොකුපෝස්ට් එකක් ලියන්න වෙයි.
දැන් අපි කලින් කතා කරා වගේම කෙප්ලර්ගෙ දෙවෙනි නියමයයි අයිසෙක් නිව්ටන්ට අනුවයි ග්රහලෝකෙ සූර්යයාට ආසන්න වෙද්දි ඒකෙ වේගය වැඩි වෙනවා ඒ වගේ ඈත් වෙද්දි මේකෙ වේගය අඩු වෙනවා ඉතින් මේ වේග විචලනය නිසා මේකෙ ස්කන්දයත් විචලනව වෙනවා ඒ නිසා මේ පතය වෙනස් වෙන්න පුලුවන් කියලයි අයින්ස්ටයින් කියන්නෙ ඒත් ඒක අපේ සූර්යග්රහ මන්ඩලේ නම් බොහෝම පුන්න්චි වෙනස්වීමක්.රූපෙ බලන්න.
අයින්ස්ටයින්ගෙයි නිව්ටන්ගෙයි අදහස් අතර ලොකු වෙනස් කම් තියෙනවා.ඒකෙන් ලොකුම එකක් තමයි ගුරුත්වාකර්ශනය .නිව්ටන් කිව්වෙ කාලය අවකාශය දෙකක් ඒ වගේම ඒවා නියතයි ඒකියන්නෙ වෙනස් වෙන්න බෑ කියලා. general relativity (සාමාන්ය සාපේක්ශතා වාදය ) ට අනුව අවකාශ්ය ඇබරෙන්න ගුලිවෙන්න වගේම වක්ර වෙන්න පුලුවන් බවත අයින්ස්ටයින් පෙන්නලා දුන්නට පස්සෙ අයින්සටයින් කියනවා මේ ගුරුත්වාකර්ශනය කියන්නෙ කාලය හා අවකාශයේ වක්ර වීමට කියලා.ඒකයි ගුරුත්වය අදික තැනක කාලයයි අවකාශයයි වක්ර වෙන්නෙ.මටත් ඉස්සර හෙන ප්රස්නෙ කොහොමද ගුරුත්වෙන් කාලයට අවකාශයට බලපැමක් කරන්නෙ කියලා.හරියටම කියනවනම් කාලාවකාශයේ වක්ර වීමටම තමයි ගුර්ත්වාකර්ශනය කියන්නෙ.ඉතින් මේ අයින්ස්ටයින් කියන විදියට යම් ස්කන්දයක් අවකාශයේ තියෙනවනම් අවකාශකාලය වක්ර වීමකට බාජනය වෙනවා.ඒ විදියටයි ගුරුත්වාකර්ශන ක්ශේත්රයක් ඇති වෙන්නෙ.ඉතින් තාමත් ස්කන්දය වැඩී කියන්නෙ වක්රතාව වැඩී ඒ කියන්නෙ ගුරුත්වය වැඩී කියන එක ස්කන්දය අඩුයි කියන්නෙ වක්රතාව අඩුයි ගුරුත්වය අඩුයි කියන එක.ඉතින් මේ කියන විදියට ග්රහ වස්තුවක් චලනය වෙන්නෙ අන්න ඒ වක්රතාවය නිසා.
මේ ඔස්සෙ ගනනය කිරීම් කරාම බුදගෙ ගමන් මාර්ගය ගැන සැලකිය හැකි පිලිතුරක් ලැබිලා තියෙනවා.ඒ වගේම දන්නවා ඇති අපේ ක්ශීරපතය මැද්දෙ Sagittarius a කියලා supermassive blackhole එකක් ඒ කිව්වෙ අතිවිශාල කලු කුහරයක් තියෙනවා කියලා.ඉතින් මේකෙ තියෙන ගුරුත්වාකර්ශනය හින්දා මේක වටා ගොඩක් තරු කක්ශ ගතවෙලා තියෙනවා.ඉතින් විද්යාඥයන් මේකෙ තාරකාවක් අවෘදු තිහක් විතර කාලයක් නිරීක්ශනය කරාට පස්සෙ මේ ලගදි ඒකත් අයින්ස්ටයින් ඉදිරිපත් කරපු විදියටම මේ තරුවත් හැසිරෙන බව ප්රකාශයට පත් කරලා තියෙනවා.ඉතින් මේ වෙනකොට අදහස වෙන්නෙ කක්ශය ඉලිප්සාකාර හැඩැති වගේම ඒකෙ තලය වෙනස් වෙන්න පුලුවන් කියන එක.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]