දැනුමට යමක්

Full width home advertisement

Post Page Advertisement [Top]

 


කලින් සති ගානකට කලින් ඊතර් සංකල්පය ගැනයි.මයිකල්සන් සහ මෝර්ලිගෙ පරීක්ශනේ ගැනයි කිව්වනෙ.ඒ උනාට ඊට පස්සෙ මොකුත් දැම්මෙ නෑ.වැඩ වැඩිඋන හන්දා.වැඩ කිව්වට කම්මැලි කමට.😁
කොහොමහරි අයින්ස්ටයින්ගෙ කාලෙ වෙද්දි මෙයාලා විතරක් නෙමේ තවත් ගොඩක් අයට නිව්ටන්ට තිබ්බෙ නැති එක එක ප්රස්න ඇති වෙමින් තමා තිබුනෙ.මේවට විසදුමක් විදියටයි අයින්ස්ටයින් මහත්තයා සාපේක්ශතාවාදය ගේන්නෙ.😁
මේකෙදි ,විශේශ සාපේක්ශතාවාදය 1905 දිත් සාදාරන sසාපේක්ශතා වාදය එහෙම නැත්තන් general relativity 1915 දිත් විදියට කොටස් දෙකකට තමා ඉදිරිපත් කරන්නෙ.සාපේක්ශතාවයේ මූලික සංකල්පය ලෝකෙ හැමදෙයක්ම එකිනෙකට සාපේක්ශයි කියන එක eg-කාලය වේගය දුර
මේකෙදි විශේශ සාපේක්ශතාවාදෙදි කතා කරන්නෙ එකකට සාපෙක්ශව නියත ප්රවේගයකින් චලනය වන වස්තු සහ පද්දති ගැන.
සාමාන්ය සාපේක්ෂතාkවාදෙදි කතා කරන්නෙ එකිනෙකට සාපේක්ශව ත්වරනය වෙන වස්තු සහ පද්දති ගැන.මේකෙදි ගන්න සමීකරන වල ත්වරනය 0 කලාම විශේශ සාපේක්ශතාවාදයේ තියෙන සමීකරනම ගන්න පුලුවන්.
දැන් අද පටන් ගන්න හැදුවෙ විශේශ ශාපේක්ශතාවාදය ගැන.මොකද general theory of relativity එක ටිකක් විතර දරුනුයි .හරියටම කිව්වොත් විශේෂ sසාපේක්ශතාවාදය කියන්නෙ මේ සාමාන්ය සාපේක්ෂතාවාදයේම උපකුලකයක්.
මේ විශේශ සාපේක්ශතාවාදෙ ගොඩනැගෙන්නෙ postulate 2ක් උඩ.මේ postulate කියන්නෙ කිසිම ඔප්පු කිරීමක් නැතුව පිලිගන්න දේවල්.හැබැයි කවෘ හරි මේ දෙක බොරුයි කියලා ඔප්පු කලොත් විශේශ ශාපේක්ශතාවාදෙ එතනම බිදවැටෙනවා.
1. සාපේක්ශව ඒකාකාර වේගෙන් චලනය වන ඕනෑම පද්දතියක භව්තික විද්යා නියම එකම වෙන්න ඕනෙ.
2. රික්තයේදි ආලෝකයේ ප්රවේගය නියත අගයක් ගනී.ඒක ප්රබවය සහ නිරීක්ශකයා මත වෙනස් වෙන්නැ කියන එක.
ඔය දෙවෙනි කතාව ගැන තව ටිකක් විස්තර කරොත් ,හිතමු අපි v ප්රවේගෙන් ගලක් ගහනවා කියලා ඔය ගලම අපි u ප්රවේගෙන් ඉස්සරහට යන වාහනේක ඉදන් විසි කරොත් මොකද වෙන්නෙ ? ගලෙ ප්රවේගෙ u+v වෙනවා නේ?ඔන්න ඔය සංසිද්දිය ආලෝක කිරන වලට බලපාන්නෑ කියලයි කියන්නෙ.ඒ කියන්නෙ රික්තයේදි ආලෝකයේ ප්රවේගය 3*10^8 ට වඩා වැඩි වෙන්නෙත් නෑ ඊට වඩා අඩු වෙන්නෙත් නෑ.ඒක නියතයි.ප්රබවය චලනය උනත් නිරීක්ශකයා චලනය උනත් ඒ අගය වෙනස් වෙන්නෑ.හැබැයි සමහරු හිතන් ඉන්නෙ හැම මාද්යකදිම ආලෝකෙ ප්රවේගෙ එකයි කියලා.ආන් ඒකනම් වැරදි .එහෙමනම් වර්තනය කියල සංසිද්දියක් ඇතිවෙන්නෙ කොහොමද?
අහලා තියෙනවද නිවුන්නු දෙන්නෙක් අරන් එකෙක් පෘතුවියේ තියලා එකෙක් ආලෝකේ ප්රවේගෙන් යන ස්පේස් ශිප් එකකින් අභ්යවකාශෙට යවලා අවෘදු ගානකට පස්සෙ ආයෙ පෘතුවියට ආවම පෘතුවියේ උන්න කෙනා වයසට ගිහින් අර ස්පේස් ශිප් එකේ උන්නු එකා තාම තරුනයි කියලා කතාවක්.දැන්ඕකෙන් මිනිස්සු ගන්නෙ අවශ්ය කෑල්ල නෙමෙයි.මිනුස්සු හිතන්නෙ අභ්යවකාශෙට ගිය පමනින් කාලය ගත වීම නවතිනවා කියලා.ඇත්තම ඕකෙ ගන්න ඕනෙ ආලෝකයේ ප්රවේගය කියන සංසිද්දිය .තව දේවල් තියෙනව කාලයට බලපෑම් කරන පස්සෙ බලමු ඒ ගැන.ආලෝකයේ ප්රවේගයෙන් යනවනම් අපිට කාලය ගතවීම නවතිනවා.
ඇයි මෙහෙම කියන්නෙ?
අයින්ස්ටයින් විශේශ සාපේක්ශාවාදයේදි මේකට විශේශ සූත්රයක් යෝජනා කරනවා. T1=t0(1/(1-v2/c2)2)
මේකෙ හොයන්න බැයිනම් පහල පොටෝ වල ඇති.ඒවත් හොයන්න බැයිද දන්නෑ ඉතින්.😁
අපි මේක ලැබෙන විදිය පොඩ්ඩක් පැහැදිලි කරගමු සරල පිසික්ස් දැනුමක් පාවිච්චි කරලා.හිතමු නිරීක්ශකයෙක් පොලොවෙ ඉන්නවා නිමල් කියමුකො .ඔන්න ස්පේස් ශිප් එකක ඉන්නවා කමල් කියලා මෙයාගෙ යාලුවෙක්.මේ කමල් මොකක් හරි විදියකට c ප්රවේගෙකින් ආලෝක ෆෝටෝනයක් උඩට යවලා ස්පේස් ශිප් එකෙ උඩ තියෙන තල දර්පනයක් යූස් කරලා පරාවර්තනය කරලා ආයෙම ප්රබවයටම ගන්නවා කියමු.ඉතින් මේක ඇතුලෙ ඉන්න කමල්ටපේන්නෙ කෙලින්ම උඩට ගිහින් ආයෙ ආවා වගේ.ඒත් යම් විදියකට මේ සිද්දිය පොලොවෙ ඉන්න නිමල් නිරීක්ශනය කරොත් නිමල්ටපේන්නෙ ටිකක් වෙනස් විදියට දෙවෙනි රූපෙ දෙවෙනියට ඇදලා තියෙන විදියට.එයාට පේනවා ආලෝක ෆෝටෝනෙ යානයත් එක්කම ඉදිරියට ගමන් කරනවා කියලා.එතන ඉදන් තමා පහල පොටෝ වල තියෙන්නෙ.
දැන් ඕකෙ t0 කියන්නෙ සිදුවීම සිද්දවෙන රාමුවේ නිරීක්ශකයා මනින කාලය. T1 කියන්නෙ නිශ්චල නිරීක්ශකයා හෝ සිදුවීම සිද්දවෙන රාමුවට සාපේක්ශ නියත ප්රවේගයකින් චලනය වන රාමුවේ නිරීක්ශකයා මනින කාලය.
V කියන්නෙ ප්රවේගය නෙමේ මේ රාමු දෙක අතර අපේක්ශ ප්රවේගය.
හිතමු මේ v= c උනා කියලා t1 අනන්තයක් වෙනවා.ඒ කියන්නෙ ආලෝකෙ ප්රවේගෙන් යන ස්පේශ් ශිප් එකක් ඇතුලෙ ඉන්න කෙනාගෙ එක තත්පරයක් උනත් එලියෙ ඉන්න කෙනෙක්ට අනන්ත කාලයක්.ඉතින් හොදට බැලුවොත් මේ පර්වේගය 0-c දක්වා වැඩි වෙද්දි ස්පේශ් ශිප් එක ඇතුලෙ ඉන්න කෙනාට කාලය ගැලීම ස්ලෝ වෙලා c උන ගමන් කාලය ගැලීම නවතිනවා.c ට වඩා වැඩි අවස්තාවක් ගැන කතා කරන්නෑ වැඩිය.හැබැයි cට වැඩි උනොත් පේනවා ඇති t’ රින වෙනවා.කාලය ගැලීම ආපස්සට යනවා වගේ සිද්දියක් නේ?නමුත් යම් වස්තුවක් ආලෝකයේ ප්රවේගය දක්වා ත්වරනය කිරීම කල නොහැකි දෙයක් කියලයි සලකන්නෙ.ඇයි ඒ කියලත් පස්සෙ කතා කරමු.
සමහරු මේක විහිලුවක් කිව්වත් මේක මේ වෙද්දි සනාත wඑලා තියෙනවා දන්නවා ඇතිනෙ iss එක ඒකෙ ඉන්න අයට කාලය ගැලීම අපිට වඩා බොහෝම පොඩ්ඩක් ස්ලෝ.ඒ ඒකෙ අදික වේගය නිසා.ම්යුසෝනවල අර්ද ආයූකාලය පිලිබදව උනත් මේ සංසිද්දිය මාර්ගයෙන් අදහසක් ගන පුලුවන්
සාපේkක්ශතාවාදය කියන්නෙ ලොකූ ගැබුරු මාතෘකාවක්.ඉතින් මන් මහා මොලකාරයෙක් නෙමේ හින්ද මන් සමහර තැන්වල වැරදීම් කරලා ඇති.පුලුවන් අය ඒවා හදන්න.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]